Sunday, May 5, 2024

General line - 0115112241

ලන්ඩන් නුවර පැවැති නිදහස් උළෙලට කොටි හිතවාදීන් විරෝධය පායි (PHOTOS)

ජනක අලහප්පෙරුම ලංඩනයේ සිට




දෙමළ ඩයස්ෆෝරාවේ කොටි හිතවාදීන් පිරිසක් ලන්ඩන් නුවර පිහිටි ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට දී විරෝධතාවක නිරත වී තිබෙනවා.

ඒ, එම කාර්යාලය ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් සංවිධාන කළ උත්සවයක් අතරතුරයි.

මෙරට දී ඊයේ (04) පැවැත්වුණු 71ක් වන ජාතික නිදහස් සැමරුමට සමගාමීව ලන්ඩන් නුවර පිහිටි ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදීද නිදහස් සැමරුමක් පැවැත් වුණා.

ඒ පිළිබඳ ලන්ඩන් නුවර සිට වාර්තා කළ නෙත් නිවුස් වාර්තාකරු ජනක අලහප්පෙරුම කියා සිටියේ විරෝධතා පැවැත්වුවත් නිදහස් සැමරුම් උත්සවයට ඉන් බාධා සිදු නොවුණ බවයි. මෙම පිරිස ඊයේ සවස් කාලයේදී තවත් විරෝධතාවයක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවස ප්‍රදේශයේදීද පැවැත් වූ බවත් සඳහන් කළා. 

ඉකුත් 2018 වසරේ 70 වන ජාතික නිදහස් සැමරුම අවස්ථාවේ දී ද දෙමළ ඩයස්ෆෝරාවේ කොටි හිතවාදීන් පිරිසක් මෙලෙස ලන්ඩන් නුවර පිහිටි ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට දී විරෝධතාවක නිරත වුණා.