Saturday, April 27, 2024

General line - 0115112241

පැරිසියේ මහල් ගොඩනැගිල්ලක ගින්නක් : කොටුවී සිටි පුද්ගලයින් 50 දෙනෙක් බේරා ගැනේ (PHOTOS/VIDEO)

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




දකුණු දිග පැරිසියේ පිහිටි මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයින් 10දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇත්තේ මහල් 08කින් සමන්විත ගොඩනැගිල්ලක්. ජීවිතක්ෂයට පත්වූවන් අතර බිළිඳෙකු ද සිටින බවයි විදෙස් වාර්තා පැවසුවේ.

ගින්නෙන් පුද්ගලයින් 36 දෙනෙකු තුවාල ලැබු අතර ගිනි නිවීමේ නිලධාරින් 06 දෙනෙකුද ඊට ඇතුලත්. ඉන් ඇතැමෙකුගේ තත්ත්වය බරපතල බවද සඳහන්. මේ අතර ගින්නට මැදිවී සිටි පුද්ගලයින් 50 දෙනෙකු ගේ පමණ දිවි බේරා ගැනීමට ගිනි නිවීමේ සේවා ඒකකයේ නිලධාරීන්ට හැකිවූ බවයි මෙහිදී විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

මෙම ගින්න ඇති කළ බවට සැකපිට කාන්තාවක්ද එරට ආරක්ෂක අංශ විසින් සිය භාරයට ගෙන තිබෙනවා.