Friday, May 3, 2024

General line - 0115112241

තමාට උපත දුන්නාට ඉන්දීය ව්‍යාපාරිකයෙකු මව්පියන්ට එරෙහිව නඩු මගට

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




තමාගේ අවසරයකින් තොරව තමාට උපත ලබාදීමට කටයුතු කළ බව පවසමින් ඉන්දීය ජාතිකයෙකු සිය මව්පියන්ට එරෙහිව නඩු පැවරීමට සූදානම් වනවා.

ඔහු පවසන්නේ දරුවන් මේලෝකයට ගැනීම වැරදි කි‍්‍රයාවක් බවයි. ඔවුන්ට ඉතිරි ජීවිත කාලය පුරාවට දුක්වේදනා විදීමට සිදුවීම ඊට හේතුව ලෙස ඔහු දක්වා තිබෙනවා.

27 හැවිරිදි රෆායල් සැමුවෙල් නම් වූ මෙම පුද්ගලයා මුබ්බාහි ව්‍යාපාරිකයෙක්. දරුවෙකුට උපත ලබාදීමට පෙර එම දරුවාගෙන් අනුමැතිය ලබාගැනීමට දෙමව්පියන්ට නොහැකි බව තමා දන්නා නමුත් ඉපදීම සිදුවන්නේ දරුවාගේ තීරණයකට අනුව නොවන බවයි ඔහු අවධාරණය කරන්නේ.

මෙම ව්‍යාපාරිකයා අදාළ ප‍්‍රකාශය ඇතුළත් කරමින් වීඩියෝ පටයක් ෆේස්බුක් සහ යූ ටියුබ් වෙත මුදාහැර ඇති අතර එය මේ වනවිට ලොවපුරා දැඩි ආන්දෝලනයක් ඇති කර තිබෙනවා.