Monday, May 6, 2024

General line - 0115112241

ලසිත් මාලිංග ඉවත් කර ආන්ජලො මැතිවුස්ට තෙවන වරටත් නායකත්වය ලබා දීමේ සැලසුමක් ?

කසුන් කැළුම්




ශී‍්‍ර ලංකා එක්දින කි‍්‍රකට් නායකත්වයේ යළි වෙනසක් සිදුවනු ඇතැයි කි‍්‍රකට් ආරංචි පවසනවා. මේ පිළිබද ඉදිරියේදී ජේ්‍යෂ්ඨ කී‍්‍රඩකයින්, තේරීම් කමිටුව සහ පුහුණුකරු සමග කී‍්‍රඩා අමාත්‍යවරයා සාකච්ඡා කිරීමට නියමිත බව නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වනවා. දකුණු අපි‍්‍රකාව සමග පැවැත්වෙන එක්දින කි‍්‍රකට් තරගාවලියේදී නව නායකයෙකු පත් කිරීමටද අවධානය යොමුවී තිබෙනවා. 

කණ්ඩායමේ එකමුතුකම පවත්වාගෙන යා හැකි කී‍්‍රඩකයෙකුට එක්දින කණ්ඩායමේ නායකත්වය ලබාදීමට තීරණය වී ඇති බව තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියාසිටිනවා.  දකුණු අපි‍්‍රකාණු කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන කී‍්‍රඩකයා ලෝක කුසලාන තරගාවලියේදීද නායකයා ලෙසද කටයුතු කරන බව තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියාසිටියා.  

නවසීලන්ත කණ්ඩායම සමග පැවති එක්දින තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේ ලසිත් මාලිංගයි. ඔහු සහ තිසර පෙරේරා අතර නායකත්වය සදහා මතගැටුමක් නිර්මාණය වී ඇති බවද ඉකුත්දා වාර්තා වුණා. මේ සම්බන්ධයෙන් කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු, හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ ලසිත් මාලිංග සමගද සාකච්ඡා කළා. 

බංග්ලාදේශ පි‍්‍රමියර් ලීග් තරගාවලිය නිමාවීමෙන් පසු තිසර පෙරේරා දිවයිනට පැමිණීමෙන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස් සහ ලසිත් මාලිංග සමග එකම මේසයක සිට එක්දින නායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව කී‍්‍රඩා අමාත්‍යවරයා පවසනවා.