Sunday, May 5, 2024

General line - 0115112241

ගත වූ පැය 24 දී වැඩිම වර්ෂාපතනය ලක්ෂපානට




අද පෙරවරු 08යි 30න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ලක්ෂපාන ප‍්‍රදේශයෙන් වාර්තා වනවා. එම අගය මිලිමීටර් 191.7ක්. හංවැල්ල ප‍්‍රදේශයට මිලි මීටර් 156ක් හා නෝට්න් ප‍්‍රදේශයට මිලිමීටර් 150ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

කුකුලේගග ප‍්‍රදේශයට මිලි මීටර් 148ක් සහ නිවිතිගල ප‍්‍රදේශයට මිලි මීටර් 142ක වර්ෂාපතනයක් ලැබුණු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.