Sunday, May 5, 2024

General line - 0115112241

මදුෂ්ගේ තවත් සමීපතමයෙකු සූරියවැවදී අත්අඩංගුවට

කසුන් කැලුම්




මාකඳුරේ මදුෂ්ගේ සමීපතමයෙකු සූරියවැව විහාරගල ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය හා තංගල්ල කොට්ඨාශ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකය සිදු කළ වැටලීමකදීයි. ඔහු සන්තකයේ තිබී ටී 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ 20ක්ද සොයාගෙන තිබෙනවා.

මේ අතර මාකඳුරේ මදුෂ්ගේ හිතවතෙකු බව කියන අන්දරේවත්තේ චාමර නමැත්තා මට්ටක්කුලිය මාදම්පිටිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැණුනා. ඒ, පොලිස් විශේෂ කාර්යය බලකාය මගින්. ඔහු සතුව තිබී අත්බෝම්බයක් සහ හෙරොයින් ග‍්‍රෑම් 05ක් ද සොයා ගැණුනා.