Saturday, April 20, 2024

General line - 0115112241

වාර්තා රැසක් කුසල් මෙන්ඩිස්ට




ක්‍රීඩා ලෝලීන් රැසකගේ සුපිරි බලාපොරොත්තුවක් වූ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරඟය අරඹා නොබෝ වේලාවකින් ලකුණු 176කට දැවී ගියා. කුසල් මෙන්ඩිස් මෙම තරඟයේදී ද්විත්ව ශතකයක් වාර්තා කළේනම් ඔහු අඩුම වයසින් ද්විත්ව ශතකයක් වාර්තා කළ ශ්‍රී ලංකාවේ දෙවන ක්‍රීඩකයා වීමට අවස්ථාව තිබුණා. වයස අවුරුදු 21ක් වන කුසල් මෙන්ඩිස්ට ද්විත්ව ශතකය වාර්තා කිරීමට නොහැකි වුවත් වයස අවුරුදු 21දී මහේල ජයවර්ධන එම දක්ෂතාවය ප්‍රදර්ශනය කර තිබුණා.

ශ‍්‍රී ලංකාව සහ ඔස්ටේ‍්‍රලියාව අතර පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිව්වන දිනයට මේ වනවිට වාර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. තරගය නතර කරන විට සිය දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙන ශ‍්‍රී ලංකාව කඩුලූ 7කට ලකුණු 314ක් රැුස්කරගෙන සිටියා. ඒ අනුව ශ‍්‍රී ලංකාව තවත් කඩුලූ 3ක් අතැතිව ඔස්ටේ‍්‍රලියාවට වඩා ලකුණු 228ක් ඉදිරියෙන් සිටිනවා. අද පෙරවරුවේ නියමිත වේලාවට තරගය ආරම්භ කිරීමට නොහැකි වුණා. ඒ, පිටියේ පැවති තෙත බරිත තත්ත්වය හේතුවෙන්. දිනයේ පළමු කඩුල්ල ලෙස විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් ලකුණු 176කට කුසල් මෙන්ඩිස් දැවීගිය අතර එය පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී පිතිකරුවෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වනවා.

කුසල් මෙන්ඩිස් අද දිනයේදී ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කරමින් කුමාර් සංගක්කාර බිහිකර තිබූ වාර්තාව බිඳහෙලනු ඇති බවටයි බොහෝ දෙනා මත පළ කර තිබුණේ. සංගක්කාර එම වාර්තාව පිහිටුවා තිබුණේ ලකුණු 192ක් රැුස්කරමින්.

සංගක්කාර අභිබවන්න ‘කුසල් මෙන්ඩිස්ට ‘ හෙට අවස්ථාවක්

කැන්ගරුවන්ට පිත්ත ඔසවමින් ‘කුසල් මෙන්ඩිස් ‘ වාර්තා පොතට

සංගා කුසල් ගැන ‘නොසිතූ‘ කතාවක් කියයි!