Monday, May 6, 2024

General line - 0115112241

ඔලිම්පික් වරම් දිනා ගැනීමේ අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් අමෙරිකාවේදී දස්කම් පෙන්වයි

කසුන් කැළුම්




ඇමරිකාවේ ඇරිසෝනා හිදී ඉකුත් දා පැවති මෙසා අර්ධ මැරතන් තරගයෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ‍්‍රී ලංකාවේ හිරුණි විජේරත්න සමත්වුණා. මෙරට මැරතන් හා අර්ධ මැරතන් ශ‍්‍රී ලංකා වාර්තාව හිමිකම් කියන්නේද ඇයයි. 

හිරුණි මෙම ඉසව්ව නිම කළේ පැයයි මිනිත්තු 14 යි තත්පර 19 ක කාලයක් වැය කරමින්. ඇමරිකාවේ බි‍්‍රට්නි ෆෙවර් එහි රන් පදක්කම දිනා ගත් අතර  බි‍්‍රතාන්‍යයේ රෝසී එඞ්වඞ්ස් රිදී පදක්කමත් දිනා ගැනීමට සමත් වුණා. 

හිරුණි මෙහිදී දැක්වූ දක්ෂතාව මෙතෙක් මෙරට ක‍්‍රීඩිකාවක අර්ධ මැරතන් ඉසව්වේ දී දැක්වූ දෙවැනි හොඳම කාලය ද වනවා. ඉකුත් වසරේ දී, හිරුණි මෙම තරගයේදීම ජයග‍්‍රාහිකාව වෙමින් ශ‍්‍රී ලංකා වාර්තාව පිහිටුවීමට සමත් වූයේ පැයයි මිනිත්තු 14 යි තත්පර 7 කින් තරගය ජය ගනිමින්.

කටාර් හී දෝහා නුවර දී පැවැත්වෙන ලෝක ශූරතා මළල ක‍්‍රීඩා තරගාවලියට සහභාගී වීමේ අපේක්ෂාවෙන් මේ දිනවල පුහුණුවීම් සිදුකරන හිරුණි, 2020 ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ද පසු වනවා.