Saturday, May 4, 2024

General line - 0115112241

ඉන්ධන මිල වැඩිවීමත් සමග බස් ගාස්තු වැඩිවිය යුතුදැයි තීරණය කරන්න සාකච්ඡාවක්

තරංග රුක්ෂාන්/ පසන් වික්‍රමතිලක




නව ඉන්ධන මිල සංශෝධනයත් සමග බස් ගාස්තු ද සංශෝධනය කළ යුතුදැයි සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විධායක සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (12) දහවල් පැවැත්වෙනවා. එම සංගමයේ ප‍්‍රධාන ලේකම් අංජන පි‍්‍රයන්ජිත් පැවසුවේ ඞීසල් මිල වැඩිවීමත් සමග බස් හිමියන්ට දෛනිකව පාඩුවක් විඳීමට සිදුවන බවයි. 

කෙසේවෙතත් බස් ගාස්තුව සංශෝධනය සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය දරන්නේ වෙනත් මතයක්. එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ ඞීසල් මිල වැඩිවී ඇත්තේ ඉතා සුළු වශයෙන් බවයි.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා IOC සමාගම ඊයේ (11) මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමුවා. ඒ අනුව ලංකා ඔටෝ ඩිසල් ලීටරයක මිල ඉහළ දැමුණේ රුපියල් 4කින්. එහි නව මිල රුපියල් 103ක්. මුදල් අමාත්‍යාංශය පවසන්නේ ඞීසල් මිල සුළු වශයෙන් ඉහළ යාම හේතුවෙන් ප‍්‍රවාහන ඇතුළු සෙසු සේවා ගාස්තු ඉහළ දැමීමේ අවශ්‍යතාවක් පැන නොනගින බවයි.