Friday, May 10, 2024

General line - 0115112241

පළාත් සභා මැතිවරණ ගැන කැබිනට් පත‍්‍රිකාව යළි පස්සට

දිල්ශාන් තුෂාර




පළාත් සභා මැතිවරණ පැවැත්වීම පිළිබඳ කැබිනට් මණ්ඩලයේදී අදත් සාකච්ජා වී තිබෙනවා. එහෙත් අවසන් තීරණයකට එළඹීම යළිත් කල් ගිය බවයි දේශපාලන ආරංචි පැවසුවේ. කැබිනට් රැස්වීමෙන් පසු මාධ්‍යවේදීන් අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගෙන් ද ඒ පිළිබඳ ප‍්‍රශ්න කළා. මේ, ඊට පිළිතුරු දුන් අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා. 

මේ අතර උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් මණ්ඩලයේ දී අද අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව එහි නියමු ව්‍යාපෘතියක් එක ඒ - බී ශ්‍රේණියේ පාසල්වල ආරම්භ කරන බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවේ.