Sunday, May 5, 2024

General line - 0115112241

එජාපයේ සහ පොහොට්ටුවේ වෙනසක් නවීන් හෙළි කරයි

මහේෂ් චතුරංග/සමන්ත කුමාර




එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛව පිහිටුවන නව පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගනු ලබන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයට බව අමාත්‍ය නවීන් දිසානායක පවසනවා.

එම තීරණය ගැනීමේදී සියලූ පාර්ශව වල අදහස් සැලකිල්ලට ගන්නා බවයි කොළඹ අද (13) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ. 
 

ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළින් එල්ල වූ විරෝධය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්ණයකට ද අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා.