Sunday, May 5, 2024

General line - 0115112241

මධූෂ්ගේ නම ගෑවුණු තවත් ස්ථානයක් විශේෂ කාර්යය බලකායෙන් වටලයි

හේමන්ත කහවලගේ




ඩුබායිහිදී අත්අඩංගුවට ගැනුණු මාකදුරේ මධූෂ්ගේ අනියම් බිරිඳගේ ඥාතිවරියකගේ නිවෙසක් පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් අද (09) පරීක්ෂාවට ලක් කළා.

සපුගස්කන්ද, පමුණුවල ගෝනවිල ප්‍රදේශයේ පිහිටි එම නිවස පරීක්ෂාවට ලක් කරන අවස්ථාවේ නිවැසියන් එහි නොසිටි බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ.

අදාළ නිවසේ ගාල් කර තිබූ ප‍්‍රාඩෝ රථයක් සහ කේ ඩි එච් වර්ගයේ වෑන් රථයක් විශේෂ කාර්යය බලකාය භාරයට ගෙන තිබෙනවා.

අදාළ ප‍්‍රාඩෝ රථය මාකඳුරේ මධූෂ්ගේ අනියම් බිරිඳගේ බාප්පාගේ නමට ලියාපදිංචි කර ඇති අතර වෑන් රථය ලියාපදිංචි කර ඇත්තේ මධූෂ්ගේ අනියම් බිරිඳගේ මවගේ නමටයි. මෙම දේපළ මධූෂ්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයා ගත් ඒවා බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

මේ අතර මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගැනුණු කංජිපානි ඉම්රාන්ගේ මූල්‍ය කටයුතු භාරව සිටි පුද්ගලයා  පොලිස් විශේෂ කාර්යය විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, මාලිගාවත්ත ප‍්‍රදේශයේදීයි. මොහොමඞ් අස්වර් නමැති එම සැකකරුගේ මෝටර් රථයේ තිබී හෙරොයින් ග‍්‍රෑම් 05ක්ද  සොයා ගෙන තිබෙනවා.

මෙම සැකකරු පංචිකාවත්ත ප‍්‍රදේශයේ මහල් 05කින් යුත් වාහන අමතර කොටස් අලෙවිසැලක් විවෘත කිරීමට සූදානමින් සිට ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.