Sunday, May 5, 2024

General line - 0115112241

"තවත් රුපියල් 50කින් වැඩි කර ගැනීමට හැකිවීම ජයග්‍රහණයක්" - දිගම්බරන් කියයි

පසන් වික්‍රමතිලක/රංජිත් රාජපක්ෂ




වතුකම්කරු දෛනික වැටුප තවත් රුපියල් 50කින් වැඩි කර ගැනීමට හැකිවීම වතුකම්කරුවන් වෙනුවෙන් ලැබූ ජයග‍්‍රහණයක් බව දෙමළ ප‍්‍රගතිශීලී සන්ධානය පවසනවා. අමාත්‍ය පී. දිගම්බරන් පැවසුවේ වතුකම්කරු වැටුප් සම්බන්ධයෙන් සාමූහික ගිවිසුමට අත්සන් තැබීමෙන් පසු එම වැටුප වැඩි කර ගැනීමට හැකිවූ පළමු අවස්ථාව මෙය වන බවයි. 

ඉකුත් දා අත්සන් තැබුණු එම ගිවිසුමට අනුව වතු කම්කරුවෙකුගේ දෛනික මූලික වැටුප රුපියල් 750 දක්වා වැඩි කෙරුණා. කෙසේවෙතත් එම වැටුප ප‍්‍රමාණවත් නොවන බවට පාර්ශ්ව කිහිපයකින් චෝදනා එල්ල වුණා.

ඒ පිළිබඳ අවධානය යොමු කරමින් රජය තීරණය කර ඇත්තේ වතුකම්කරුවෙකුගේ දෛනික වැටුපට රුපියල් 50ක දීමනාවක් ලබා දීමටයි. ඒ, වසරක කාලයක් සඳහායි.

ඒ පිළිබඳව අමාත්‍ය පී. දිගම්බරම් අදහස් පළ කරමින් සඳහන් කළා.  එම අදහස් පහතින් දැක්වෙයි.