Sunday, May 5, 2024

General line - 0115112241

පළාත් සභා මැතිවරණය කඩිනමින් කිරීමට තවදුරටත් අරගල කරනවා - මහින්ද දේශප්‍රිය (VIDEO/PHOTOS)

මහේෂ් චතුරංග/ඩිල්ෂාන් මඩවල




බොහෝ දෙනෙකු ප‍්‍රජාතන්ත‍්‍රවාදය අර්ථ දක්වන්නේත් ඡන්ද විමසීම් වෙනුවෙන් පෙනී සිටින්නේත් තම තමන්ගේ අවශ්‍යතා අනුව බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ පැෆරල් සංවිධානයට වසර 30 ක් සම්පූර්ණවීම නිමිත්තෙන් කොළඹ අද (14) පැවැත්වූ උත්සවයදීයි.

කල්යමින් තිබෙන පළාත් සභා මැතිවරණ කඩිනමින් පවත්වා ගැනීම සදහා තමන් තවදුරටත් අරගල කරන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී කියාසිටියා.

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමට දක්වන උනන්දුව සහ පැෆරල් සංවිධානයට ලබාදෙන සහයෝගය වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝව ලබාදෙන සහායද මෙහිදී ඇගයීමට පාත‍්‍ර වුණා.

නෙත් එෆ් එම් රේඩියෝව වෙනුවෙන් ඇගයීම් සම්මානය පිළිගත්තේ නෙත් නිවුස් ප‍්‍රවෘත්ති කළමණාකරු හේමන්ත කහවලගේ විසින්.