Sunday, May 5, 2024

General line - 0115112241

ක්ෂුද්‍ර මූල්‍ය ණය සහ පොලිය මිලියන 1,400 ක් කපා හැරේ

ඩිල්ෂාන් මඩවල




නියගයෙන් පීඩාවට පත් දිස්ති‍්‍රක්කවල කාන්තාවන් 45,000 කගේ ක්ෂුද්‍ර මූල්‍ය ණය සහ ඊට අදාළ පොලී මුදල් කපා හරමින් අදාළ සහතික පත‍්‍ර අද (14) ප‍්‍රදානය කෙරුණා.

ඒ, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යාපනය වීරසිංහම් ශාලාවේ පැවති උත්සවයේදීයි.

මෙලෙස කපා හැරුණු ණය සහ පොලියේ වටිනාකම රුපියල් මිලියන 1,400 ක් පමණ වනවා.

ක්ෂුද්‍ර මූල්‍ය ණය වෙනුවට එන්ටර්ප‍්‍රයිසස් ශී‍්‍ර ලංකා යටතේ රජය හදුන්වා දුන් සහන පොලී ණය ක‍්‍රමය සමග එක්වන්නැයි මෙහිදී ආරාධනාවක්ද කෙරුණා.