Monday, May 6, 2024

General line - 0115112241

මාකඳුරේ මදූෂ් සහ ජවිපෙ අතර සම්බන්ධයක් ඇත්දැයි සැකයක් - 'පාතාලය සමග අපිට කිසිම සම්බන්ධයක් නෑ' - ජවිපෙ කියයි

ඩිල්ෂාන් මඩවල/ලහිරු කපුගේ




පාතාලය සහ මත්කුඩු ජාවාරම සමග ඈදා තමන්ට කෙරෙන චෝදනා ප‍්‍රතික්‍ෂේප කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි මධ්‍යම කාරක සභික පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ මාකදුරේ මදූෂ් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇතැම් දේශපාලනඥයින් කලබලයට පත්ව සිටින බවයි. එලෙස කලබලයට පත්වූවන් තමන්ටද පදනම් විරහිත චෝදනා නගන බව මන්තී‍්‍රවරයා වැඩිදුරටත් පැවසුවා.

ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කනක හේරත් මාධ්‍ය හමුවකදී ඊයේ කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදීයි.

 


කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ති‍්‍ර කනක හේරත් ඊයේ කියාසිටියේ මාකදුරේ මදූෂ් සමග අත්අඩංගුවට ගැණුනු ගායන ශිල්පී අමල් පෙරේරා ජනතා විමුක්ති පෙරමුණේ කි‍්‍රයාකාරිකයෙකු බවයි. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ සහ මාකදුරේ මදූෂ් අතරද සම්බන්ධයක් ඇතැයි ඔහු සැක පළ කළා.

 


ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස මීටද ප‍්‍රතිචාර දැක්වුවා. ඒ, ගායන ශිල්පී අමල් පෙරේරා සහ ජනතා විමුක්ති පෙරමුණ අතර විශේෂ සම්බන්ධයක් නොමැති බව අවධාරණය කරමින්.