Thursday, May 16, 2024

General line - 0115112241

ජපානයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් - වෙරළාරක්‍ෂක පුහුණුවට විශේෂ නෞකාවක්




නාවිකයන්ට වෙරළාරක්‍ෂක පුහුණුව ලබාදීමේ විශේෂ නෞකාවක් ශී‍්‍ර ලංකාවට ලබාදීමට ජපානය එකගතාව පළ කර තිබෙනවා. 

ඒ, දිවයිනට පැමිණ සිටින ජපාන අගමැතිවරයාගේ ජාතික ආරක්‍ෂාව පිළිබද උපදේශක කෙන්ටාරෝ සොනොව්රා සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා අතර පැවති සාකච්ඡාවකදීයි. 

ජනාධිපති නිල නිවසේදී එම සාකච්ඡාව පැවැත්වුණා. වෙරළාරක්‍ෂාව සහ සමුද්‍ර ආරක්‍ෂාව සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවට ජපානයේ අඛණ්ඩ සහාය හිමිවන බව ජපාන අගමැතිවරයාගේ ජාතික ආරක්‍ෂාව පිළිබද උපදේශකවරයා එහිදී වැඩිදුරටත් සදහන් කර ඇත.