Thursday, May 16, 2024

General line - 0115112241

සිරගතව සිටිනා මත්කුඩු ජාවාරම්කරුවන්ගේ ආරක්ෂාව තර කෙරේ

නිශාන් ද සිල්වා




බන්ධනාගාරගතව සිටින මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් සහ ප‍්‍රබල පාතාල කල්ලි සාමාජිකයන් කිහිප දෙනෙකුගේ ආරක්‍ෂාව තර කරන ලෙස පොලිස් මූලස්ථානය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැනුම්දීමක් කර තිබෙනවා. 

අදාළ රැදවියන් නඩු කටයුතු සදහා අධිකරණ වෙත රැගෙන යාමේදී එලෙස ආරක්‍ෂාව තර කරන ලෙස පොලිස් මූලස්ථානය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දන්වා ඇත.  දැනට බන්ධනාගාරගතව සිටින මත්කුඩු ජාවාරම්කරුවන් සහ පාතාල කල්ලි සාමාජිකයන් කිහිප දෙනෙකුට ජීවිත තර්ජන පවතින බැවින් එලෙස ආරක්‍ෂාව තර කරන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා. 

බරපතල ගනයේ අපරාධකරුවන් සහ මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් අධිකරණ වෙත රැගෙන යන අවස්ථාවලදී විශේෂ පොලිස් ආරක්‍ෂාවක් ලබාදෙන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවද මීට පෙර ඉල්ලීම කර තිබෙනවා. කෙසේවෙතත් ඒ සදහා ප‍්‍රමාණවත් පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් නොලැබෙන බවයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණ කළේ.