Thursday, May 16, 2024

General line - 0115112241

රත්නපුර වෙඩි තැබීම ගැන පරීක්ෂණ ඇරඹෙයි




රත්නපුර, රද්දැල්ල මාර්ගයේ ව්‍යාපාරික ස්ථානයක් අසලදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (17) රාති‍්‍ර 10.25 ට පමණ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලැබූ බවයි පොලීසිය පැවසුවේ.

ඔහු රත්නපුර ප‍්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙක්. වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් කවුරුන් දැයි මෙතෙක් අනාවරණ වී නැහැ. වෙඩි තැබීමට හේතුවද හෙළිවී නොමැති බවයි රත්නපුර පොලීසිය පැවසුවේ.

තුවාල ලැබූ පුද්ගලයා රත්නපුර රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.