Thursday, May 16, 2024

General line - 0115112241

ආන්දෝලනාත්මක ක්‍රිකට් වීඩියෝව පටිගත කළ අයෙක් හඳුනාගනී

කසුන් කැළුම්/තරංග රුක්ෂාන්




දැඩි කතාබහක් මතුකර ඇති ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කී‍්‍රඩකයින් කිහිප දෙනෙකුගේ ආන්දෝලනාත්මක ප‍්‍රකාශ සහිත වීඩියෝව පටිගත කළේ කවුරුන් දැයි හදුනාගෙන තිබෙනවා.

කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු සඳහන් කළේ සිංහල භාෂාව නොදන්නා අයෙකු නොදැනුවත්කමින් මෙම අවස්ථාව වීඩියෝගත කර ඇතැයි තොරතුරු පවතින බවයි. එහෙත් අදාළ වීඩියෝ පටය සමාජ මාධ්‍ය වෙත මුදා හැරියේ කවුරුන් දැයි මෙතෙක් අනාවරණ වී නැහැ. 

තරගයක් අවසානයේ සාමාන්‍යයෙන් කණ්ඩායමක් සිය කී‍්‍රඩක විවේකාගාරයේදී සිදුකරන කතාබහක් එම වීඩියෝ පටයේ ඇතුළත් බවත් ඒ පිළිබඳ කිසිවෙකුත් කලබල විය යුතු නැති බවත් කී‍්‍රඩා අමාත්‍යවරයා කියාසිටියා.

පුහුණුකරු වෙනුවෙන් කී‍්‍රඩකයින් අදහස් පළ කිරීමේ කිසිදු වරදක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. අදාළ වීඩියෝ පටය පිළිබඳ තොරතුරු වාර්තා කිරීමෙන් අනතුරුව තමා කණ්ඩායමේ නායකයා, පුහුණුකරු ඇතුළු පිරිස ඇමතූ බවද කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.

කුසල් ජනිත් පෙරේරා සහ සුරංග ලක්මාල් සිදුකරන ආන්දෝලනාත්මක ප‍්‍රකාශ ඇතුළත් වීඩියෝ පටය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයද අභ්‍යන්තර පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් මෙලෙස අදහස් පළ කර තිබුණේ දකුණු අපි‍්‍රකාව සමග පැවති පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව ජය සැමරීම සදහා පැවති සුහද හමුවකදීයි.