Monday, April 29, 2024

General line - 0115112241

තිදෙනෙකුට මරු කැදවු මාරවිල බස් අනතුරේ රියදුරු අත්අඩංගුවට




පුද්ගලයින් තුන් දෙනෙකුට මරු කැදවමින් මාරවිල ප‍්‍රදේශයේ සිදුවූ බස්රථ අනතුර සම්බන්ධයෙන් එහි රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනතුරෙන් පසු එහි කොන්දොස්තරවරයා පලාගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

වව්නියාවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මෙම බස් රථය මහවැව මංසන්ධිය ආසන්නයේදී ලොරි රථයක් පසුකර යාමට උත්සාහ කළ අවස්ථාවේදී බස් රථය විදුලි ට‍්‍රාන්ස්ෆෝමරයක ගැටී තිබෙනවා. එහි රියදුරාට බස් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව අනතුර සිදුව ඇති බවයි මූලික පරීක්‍ෂණවලදී අනාවරණ වී ඇත්තේ. මෙම බස් රථ අනතුරෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 19 ක්.