Thursday, May 2, 2024

General line - 0115112241

ට‍්‍රම්ප්ට එරෙහිව ප‍්‍රාන්ත 16ක නීතිපතිවරුන් නඩු පැවරීමේ සූදානමක

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහිව නඩු පැවරීමට අමෙරිකාවේ ප‍්‍රාන්ත 16ක නීතිපතිවරුන් සූදානම් වනවා. ඒ සඳහා ප‍්‍රමුඛත්වය ගෙන කටයුතු කරන්නේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ නීතිපතිවරයායි. තමන් ගෙන ආ යෝජනාවක් අනුව මෙක්සිකෝ දේශසීමාවේ තාප්පයක් ඉදිකිරීමට සඳහා අරමුදල් එක් රැස් කර ගැනීම වෙනුවෙන් හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කිරීමටයි ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් තීරණය කර ඇත්තේ. 

එම තීරණය නීතිවිරෝධී බවත්, ජනාධිපතිවරයා සිය බලතල උල්ලංඝණය කරමින් කටයුතු කරන බවත් පවසමින් අදාළ නීතිමය පියවර ගැනීමටයි ප‍්‍රාන්ත නීතිපතිවරුන් සූදානම් වන්නේ.

මෙම තාප්පය ඉදිකිරීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 5යි දශම 7ක් වැය වෙතැයි අපේක්ෂිතයි. මෙම අරමුදල සඳහා අයවැයෙන් මුදල් වෙන් කිරීම අමෙරිකානු කොංග‍්‍රස් මණ්ඩලය ඉකුත් දා ප‍්‍රතික්ෂේප කළා. එහෙත් කොංග‍්‍රස් මණ්ඩලයේ තීරණය අභිභවා යමින් තාප්පය සඳහා අවශ්‍ය අරමුදල් එක්රැුස් කිරීමට ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සූදානම් වන බවයි විදෙස් වාර්තා පැවසුවේ.