Saturday, April 27, 2024

General line - 0115112241

කොකේන් භාවිත කරන මන්ත‍්‍රීවරු සෙවීමට කමිටුවක්

පසන් වික්‍රමතිලක/තරංග රුක්ෂාන්




කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන් සිටීදැයි සොයා බැලීම සදහා විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.

ඒ, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද රැස්වූ එක්සත් ජාතික පෙරමුණේ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදීයි.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප‍්‍රධානත්වයෙන් පත් කෙරුණු මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශු මාරසිංහ සහ නීතිඥ නිශ්ශංක නානායක්කාරයි.

කමිටුවේ විමර්ශන වාර්තාව එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට භාරදීමට නියමිත බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී අද ප‍්‍රකාශ කළා. 

කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක ඉකුත්දා කළ ප‍්‍රකාශය මේ වනවිට දැඩි ආන්දෝලනයක් ඇති කර තිබෙනවා. අදාළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද අද වාද විවාද ඇති වුණා. 

මේ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන. 


 
සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ද සභාව ඇමතුවා.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශෙහාන් සේමසිංහ ද මෙහිදී අදහස් පළ කළා. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ සහ නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි අතර මෙහිදී උණුසුම් සංවාදයක් ඇති වුණා. ඊට නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර ද මැදිහත් වුණා. 
 

මේ අතර රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කරන පරිදි කොකේන් භාවිත කරන මහජන නියෝජිතයින් 24 දෙනෙකුගේ ලැයිස්තුවක් කථානායකවරයාට මෙතෙක් ලැබී නොමැති බවයි නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි අද ප‍්‍රකාශ කළේ. 

මේ අතර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියාගේ නිවස කෞතුකාගාරයක් බවට පත් කිරීමට ලබාදුන් පොරොන්දුව සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද අදහස් පළ කළා. 
 

අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ඊට ප‍්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.