Sunday, April 28, 2024

General line - 0115112241

මැණික් කොල්ලයට සම්බන්ධ මධූෂ්ගේ ගෝලයා රිමාන්ඩ්

තරංග රුක්ෂාන් ජයසේකර




කිරිබත්ගොඩ වෙඩිකන්ද ප‍්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකදුරේ මධූෂ්ගේ ගෝලයා මාර්තු මස 06 වනදා තෙක් අද (20) රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, සැකකරු නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එදිනට සැකකරු හදුනා ගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කරනු ඇති. 

ඉකුත් වසරේ නොවැම්බර් මස 05 වනදා මහරගම පන්නිපිටිය ප‍්‍රදේශයේ නිවසකට පොලිස් නිලධාරීන් ලෙස ඇතුළු වී මැණික් සහ දියමන්ති කොල්ලකෑමේ සිද්ධියට ඔහු සම්බන්ධ බවටයි පැවසෙන්නේ.

එහිදී කොල්ලකෑ මැණික් සහ දියමන්තිවල වටිනාකම රුපියල් කෝටි 700කට ආසන්නයි.

එම අවස්ථාවේ මැණික් මිලදී ගැනීමට පැමිණ සිටි විදේශිකයෙකුට අත්විලංගු දා පැහැරගෙන ගොස් මහරගම ප‍්‍රදේශයේ දමා ගොස් තිබූ බවයි පොලිසිය පැවසුවේ.