Sunday, April 28, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට අන්තර් පාලක මණ්ඩලයක්




මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ අධිකාරිය පිහිටුවන තුරු අන්තර් පාලක මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා. එම අධිකාරිය නීත්‍යානුකූලව ස්ථාපිත කරන තුරු නොසිට අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීම මෙහි අරමුණයි. අදාළ මණ්ඩලයේ සාමාජිකයින් සමඟ අද (20) දහවල් පැවති සාකච්ජාවක දී ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළා. 

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ නවීන තාක්ෂණය සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයේදී ලොව දියුණු රටවල් අනුගමනය කරන ක‍්‍රමවේදයන් අධ්‍යයනයන් කරමින් අදාළ කටයුතු සිදු කළ යුතු බවයි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමට අධිකාරියක් මෙරට තුළ ස්ථාපිත කරන්නේ පළමු වරටයි. 

මේ අතර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමේ තීරණයට තමා ද එකඟ බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද ප‍්‍රකාශ කළා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අද පැවති දරුවන් සුරකිමු ජාතික වැඩසටහනේ කොලඹ දිස්ත‍්‍රික් සමුළුව අමතමින්.

ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ දරුවන් සුරැකීමට ඉදිරි සති 02 තුළ දී ජාතික අරමුදලක් පිහිටුවන බවයි.