Wednesday, May 22, 2024

General line - 0115112241

නිලධාරියෙක් උණු ගෝඩා වලකට වැටුණු වැටලීමේ ඡායාරූප

ජූඩ් සමන්ත




ජා-ඇල, මුතුරාජවෙල වගුරු බිම ආසන්නයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය කසිප්පු නිෂ්පාදනාගාරයක් වැටලීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් ඊයේ (20) සමත් වුණා.

ජා-ඇල, තුඩැල්ල ප්‍රදේශයේ මුතුරාජවෙල වගුරු බිම ආසන්නයේ මෙම කසිප්පු නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් තිබුණා. කසිප්පු නිෂ්පාදනාගාරය පවත්වා ගෙන ගොස් ඇත්තේ ඇළ මාර්ගයක් ආසන්නයේ වන බැවින් එය තරණය කර වැටලීම කිරීමට සුරාබදු නිලධාරීන්ට අපහසු කටයුත්තක් වී තිබුණා.

සුරාබදු නිලධාරීන් දින 03 ක් පුරා සිදු කරන ලද තොරතුරු සොයා බැලීමකින් අනතුරුව වැටලීම සිදු කළා.

එම ස්ථානයේ තිබී නිෂ්පාදනය කරන ලද කසිප්පු බෝතල් 1800 ක්, ගෝඩා ලීටර් 7500 ක් අඩංගු බැරල් 30 ක්, තඹ දගර 15 ක්ද වැටලීමේන් බාරයට ගත්තා. ඒ කසිප්පු නිෂ්පාදනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකුද සමගින්.

කසිප්පු ඇතුළු භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ 20 කට අධික බවයි වැටලීම කළ නිලධාරීන් කියා සිටියේ.

මෙම වැටලීමේදී පලා යාමට උත්සාහ කළ සැකකරුවෙකු පසු පස හඹා ගිය සුරාබදු නියාමකවරයෙකු  උණුසුම් ගෝඩා වලකට වැටීමෙන් පිළිස්සුම් තුවාල ලැබුවා.

සුරාබදු කොමසාරිස් ජනරාල් ආර්. සේමසිංහ, සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම) එම්.ඩී.එම්.ඩබ්.කේ. දිසානායක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම) කපිල කුමාරසිංහ යන නිලධාරීන්ගේ උපදෙස් මත සුරාබදු අධිකාරී (විශේෂ මෙහෙයුම් ඒකකය) චන්න වීරක්කොඩිගේ අධීක්ෂණය යටතේ සුරාබදු ස්ථානාධිපති (විශේෂ මෙහෙයුම් ඒකකය) ප්‍රධාන සුරාබදු පරීක්ෂක පී.එම්. හේමන්තගේ මෙහෙයවීම මත එම ඒකකයේ සුරාබදු පරීක්ෂකවරුන් වන ජී.පී.රණවීර, ලසන්ත සංජීව, අමිල සේනානායක, සුරාබදු නියාමකවරුන් වන ශාලිත නිලුපුල්, එන්.ටී.සී.කුරේ, මනෝජ්, ධම්මික කුමාර, දිනේශ් සහ සුරාබදු රියදුරු එදිරිසිංහ, මනමේන්ද්‍ර යන අය විසින් මෙම වැටලීම සිදු කර තිබෙනවා.