Sunday, April 28, 2024

General line - 0115112241

සාන්තුවරයින්ගේ සටන ජය පරාජයෙන් තොරව අවසන් වෙයි

කසුන් කැලුම්




මරදාන සාන්ත ජෝසප් සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාල අතර පැවැති 85වන සාන්තුවරුන්ගේ සටන අද (02) ජය පරාජයෙන් තොරව අවසන් වුණා. මෙම තරගයේදී බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම සඳහා ලකුණු 219ක් රැස් කළ අතර ඊට පිළිතුරු වශයෙන් මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 286ක්. 

අවසන් දිනය නිමාවන විට දෙවන ඉනිම කී‍්‍රඩා කළ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය කඩුළු 06ක් දැවී ලකුණු 216ක් ලබා සිටියා. අගනා ඉනිමක් කී‍්‍රඩා කළ සන්තුෂ් ගුණතිලක නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 107ක්. තරගය පැවැත්වුණේ කොළඹ පී සරා  ඕවල් කී‍්‍රඩාංගනයේදීයි.