Wednesday, May 8, 2024

General line - 0115112241

මහනුවර විශේෂ රථවාහන සැලැස්ම අත්හිටුවයි : නයිට් බසාර් ඉවතට - අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

දිනුක් හේවාවිතාරණ




මහනුවර නගරයේ පසුගිය සතියේ සිට ක්‍රියාත්මක කරන ලද විශේෂ රථවාහන ධාවන වැඩපිළිවල නතර කිරීමට තමන් නගරාධිපති කේසර සේනානායකට උපදෙස් ලබාදුන් බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටිනවා. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි වේලු කුමාර විසින් නගා තිබු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඇමතිවරයා මේ බව කියා සිටියා.

ඊට අමතරව සතියකට එක් දිනක් මහනුවර නගරයේ ක්‍රියාත්මක කරන 'නයට් බසාර්' වැඩසටහන නවත්වා දැමීමට කටයුතු කළ බවත්මහනුවර ඓතිහාසික නගරයක් බවත් එහි වෙනස් සංස්කෘතියක් ඇති බවත් වෙනත් නගරවල ක්‍රියාත්මක කරන දෑ මහනුවරට නොගලපෙන බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

මහනුවර නයිට් බසාර් වැඩපිලිවල රජයට හෝ මහ නගර සභාවට දැනුම් දීමකින් තොරව සිදුකළ එකක්. මහනුවර ලගදි පැමිණි අය නගරයේ වටිනාකම දන්නේ නැතුව මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. මහානායක හිමිවරුන් පවා මෙම වැඩසටහනට විරුද්ධ වූ බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා.