Thursday, May 2, 2024

General line - 0115112241

මිලියන 12ක මත්කුඩු අම්බලන්ගොඩින් සොයා ගනියි : විශ්‍රාමික විදුහල්පතිවරයෙකුත් අත්අඩංගුවට

ලලිත් චාමින්ද




සුඛෝපභෝගි මෝටර් රථයකින් මත්කුඩු කිලෝග්‍රැම් 01ක් හා ග්‍රෑම් 65ක ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අම්බලන්ගොඩ ප්‍රදේශයේදි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගාල්ල ඒකකය විසින් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගනු ලැබු මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් පමණ වන බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු ව්‍යාපාරිකයෙක් වන අතර අනික් පුද්ගලයා විශ්‍රාමික විදුහල්පතිවරයෙක් බව අනාවරණය වි ඇත.

මොවුන් දෙදෙනා රත්ගම හා ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර විශ්‍රාමික විදුහල්පතිවරයා 68 හැවිරිදි වියේ පසුවන අතර ඔහුගේ සහෝදරයකු ද මත්කුඩු ජාවාරම් කිරිම සම්බන්දයෙන් කළුතර බන්ධනාගාරයේ බන්ධනාගාරගතව සිටින අයෙකු බව පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.

අනෙක් පුද්ගලයා 43 හැවිරිදිවියේ පසුවන අතර ඔහු කුලි පදනම මත වාහන ලබාදිමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන අයෙක් බව අනාවරණය කර ගෙන ඇත.

ගාල්ල දිස්ත්‍රික්කය තුල මෑතකදි අත්අඩංගුවට ගත් වැඩිම මත්කුඩු තොගය මෙයවන අතර මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනා අද (10) බලපිටිය අධිකරණය වෙත ඉදිරිපත්කිරිමට නියමිත බවයි අප නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.