Sunday, May 5, 2024

General line - 0115112241

ආනයනික කිරිපිටි සඳහා මිල සූත්‍රයක්

ලහිරු කපුගේ/හර්ෂිකා සංජීවනි




ආනයනික කිරිපිටි මිල සම්බන්ධයෙන් සලකා බැලීම සදහා මිල සූත‍්‍රයක් හදුන්වා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලයේදීයි.

ජාත්‍යන්තර වෙළදපොලෙහි පවතින මිල හා විනිමය අනුපාතයන්හි වෙනස්කම් සැලකිල්ලට ගෙන පාරිභෝගිකයින්ට, රජයට හා කිරිපිටි කර්මාන්තයේ යෙදෙන්නන්ට ප‍්‍රතිලාභ හිමි වන පරිදි ආනයනික කිරිපිටි සදහා මෙලෙස මිල සූත‍්‍රයක් හදුන්වා දීමට යෝජනා කර තිබෙනවා.

එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ අමාත්‍ය පී හැරිසන් විසින්. ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් අදාළ මිල සූත‍්‍රය ක‍්‍රියාත්මක කරනු ඇති.