Sunday, May 5, 2024

General line - 0115112241

ජනපති කෙන්යා යයි




ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද කෙන්යාවේ නයිරෝබි බලා පිටත්ව ගියා.

ඒ, එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයෙකු ලෙසයි.

කෙන්යානු    ජනාධිපති උහුරු කෙන්යාටාගේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වනවා. 

එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුව ආරම්භ වූයේ පෙරේදා දිනයේයි.

ලබන 15 වනදා දක්වා කෙන්යාවේ නයිරෝබි නුවරදී මෙම සැසිවාරය පැවැත්වෙනවා.