Sunday, May 5, 2024

General line - 0115112241

මධූෂ්ගේ තවත් ගෝලයෙකු දෙල්කඳ දී අත්අඩංගුවට

ලහිරු කපුගේ/හර්ෂිකා සංජීවනි




මාකදුරේ මධුෂ්ගේ ගෝලයෙකු බව කියන පැගිරිවත්තේ සුද්දා නමැති පුද්ගලයෙකු අද (13) දහවල් දෙල්කද ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින්.

මෙම සැකකරු මාකදුරේ මධූෂ් සමග දුරකතන සබදතා පවත්වා ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම ඔහු ඇරැව්වල දියමන්ති කොල්ලයට ද සම්බන්ධ බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ.

එම සිද්ධියට අදාළව මීට පෙර අත්අඩංගුවට ගත් වෙඩිකන්දේ කසුන් නැමැත්තා සහ පැගිරිවත්තේ සුද්දා නමැති මෙම සැකකරුවන් සමීප මිතුරන් බව ද ප‍්‍රකාශ කෙරුණා.