Friday, May 3, 2024

General line - 0115112241

නවසීලන්ත වෙඩික්කරු ප්‍රහාරය සජීවිව ලොවපුරා විකාශනය කරලා : ප්‍රහාරයෙන් 27ක් මරුට

දිනුක් හේවාවිතාරණ




නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හි පිහිටි මුස්ලිම් දේවස්ථානයක් ඉලක්ක කර ගනිමින් එල්ලවු වෙඩි ප්‍රහාරයෙන් මේ වන විට පුද්ගලයින් 27 දෙනෙක් මිය ගොස් තිබෙනවා. 

ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදි එම දේවස්ථානය තුල බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයින් ඇතුළුව 500කට ආසන්න පිරිසක් සිට ඇති බව සදහන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙක් අත් අඩංගුවට ගැනිමට එරට ආරක්ෂක අංශ සමත්ව ඇත.

මෙම ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ උපත ලැබු අයෙක් බවට අනාවරණය වි තිබෙනවා.

28 හැවිරිදි බ්‍රෙන්ට් ටැරන්ට් නම් මෙම පුද්ගලයා තමා විසින් මෙම ප්‍රහාරය එල්ල කරනු ලැබු ආකාරය සජීවීව වෙබ් අඩවියක් ඔස්සේ ප්‍රචාරය කිරිමට කටයුතු කර තිබෙනවා.

මිනිත්තු 17කට ආසන්න කාලයක් පුරා දිවෙන එම විඩියෝවෙදී මෙම පුද්ගලයා සිය ඉලක්කය වන මුස්ලිම් දේවස්ථානය වෙත සිය කාර් රථයෙන් එන අයුරු සහ සිය ප්‍රහාරය එල්ල කරන ආකාරය පැහැදිලිව දැක ගන්නව හැකිය.

මෙම ප්‍රහාරයට හේතු දක්වමින් ඔහු විසින් පිටු 74ක ප්‍රකාශනයක් පවා මුදාහැර ඇති අතර එහිදි ඔහු කියා සිටින්නේ මෙය ඉස්ලාම් ජනතාව ඉලක්ක කර ගනිමින් සිදුකළ එකක් බවට පෙනියන මුත් ඊට වඩා එහා ගිය අරුතක් මේ තුල ගැබ්වි ඇති බවයි.

ඒ සංක්‍රමණික නිතියේ පවතින ගැටළු, ජාතිවාදය සහ සංස්කෘතික ගැටළු මෙම ප්‍රහාරයට හේතුවු තවත් කරුණු බව ඔහු සිය ප්‍රකාශනය මගින් හෙළිකර තිබෙනවා.

"නවසීලන්තයට මා පැමිණියේ ප්‍රහාරයක් එල්ල කිරිමට සිතා ගෙන නොවෙයි. නමුත් මට පසුව තේරුම් ගියා මාගේ සැලසුමට හොදම ස්ථානය මේ රට කියා. ඒ අනුවයි මම අද ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ. බටහිර රටවලට මෙය සංඥාවක් වනවා මෙන්ම මගේ ජාතිය වෙනුවෙන් යුතුකම ඉටු කළා යන හැගීම මා සතුයි" ප්‍රහාරකයා සිය ප්‍රකාශනයේ සටහන් කර තිබෙනවා.

මේ අතර නවසීලන්ත මාධ්‍ය වාර්තා කර සිටින්නේ ක්‍රයිස්චර්ච් නගරයේ පිහිටි තවත් මුස්ලිම් දේවස්ථානයකටද වෙඩි ප්‍රහාරයක් එල්ලවි ඇති බවයි.