Monday, May 6, 2024

General line - 0115112241

දිවයින පුරා පොලිස් මෙහෙයුමකින් 2646ක් අත්අඩංගුවට




පොලිස් නිළධාරින් 13186 කගේ සහභාගිත්වයෙන් ඊයේ (15) උදැසන 6 සිට රාත්‍රි 9 දක්වා දිවයින පුරා ආවරණය වන පරිදි සිදුකළ විෂ මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී මධ්‍යසාර වැටලීමේ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 2646ක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

පොලිස්පති පුජිත ජයසුන්දරගේ අණ පරිදි සිදුකළ මෙම මෙහෙයුමෙන් හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය හා නීති විරෝධී මධ්‍යසාර අත්අඩංගුවට ගැනීම් 1790ක් සිදුකර තිබෙනවා. එමෙන්ම වරෙන්තුකරුවන් 623 ක්, බලපත්‍ර නොමැති ගිනි අවි සමග අත්අඩංගුවට ගැනීම් 6ක් සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරන්නේ.

එමෙන්ම විවිධ අපරාධ සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් 101ක් සිදුකර ඇත.