Sunday, May 5, 2024

General line - 0115112241

අන්‍ය ආගම්වල නායකයින්ටත් රක්ෂණාවරණයක් - බුද්ධ ශාසන ඇමති කියයි

පසන් වික්‍රමතිලක




අයවැය 03වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය සිව්වන දිනටත් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන සහ නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයට අයත් වැය ශීර්ෂ 09ක් අද (16) විවාදයට ගැනුණා. විවාදයේදී අදහස් දැක්වූ බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා.

" රජයේ වැටුපක් නොලබන භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් ලබා දෙන රක්ෂණාවරණය සම්බන්ධයෙන් මේ වන විට ක්‍රියාත්මක වන බව මෙහිදී ඇමතිවරයා කියා සිටියා. එම රක්ෂණ ක්‍රමය බෞද්ධාගමික භික්ෂුන් වහන්සේලාට පමණක් නොව අන් ආගම් වල නායකයින්ට ලබාදිය යුතු බවට ඉල්ලීමක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී ඇති බව ප්‍රකාශ කර සිටියා."

විපක්ෂය වෙනුවෙන් විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල.

උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට නිවාස ඉදිකිරීම් හා සංස්තෘක කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස ද ප්‍රතිචාර දැක්වීමත් සමග සභාවේදී ඇතිවුණේ මෙවන් සංවාදයක්.