Monday, November 25, 2024

General line - 0115112241

ශරීර සුවතා මංතීරුවේ ඇවිදින ජනතාවට අපහසුතා (PHOTOS)

හේමන්ත කහවලගේ




මොරටුව ලුනාව කලපුව ආශි‍්‍රතව ඉදිකර ඇති ශරීර සුවතා මංතීරුව නිසි ලෙස නඩත්තු නොවන බව ප‍්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ලුනාව කලපුවෙන් හමන අධික දුර්ගන්ධය හේතුවෙන් ශරීර සුවතා මංතීරුව භාවිත කරන පුද්ගලයින් ශ්වස අපහසුතාවලටද ලක්වන බවටයි ඔවුන් පවසන්නේ.

ලුනාව කලපුවට මායිම්ව මොරටුව ප‍්‍රදේශයේ ප‍්‍රධාන පාසලක ප‍්‍රාථමික අංශයද පිහිටා තිබෙනවා. කලපුව අපිරිසිදුවීම හේතුවෙන් එම ප්‍රාථමික අංශයේ ඉගෙනුම් කටයුතු කරන දරුවන්ටද දැඩි අපහසුතාවයන්වලට මුහුණ දෙන්නට සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම ශරීර සුවතා මංතීරුවට සුනඛයින් ඇතුල් කිරීම තහනම් බව දැක්වෙන පුවරු සවිකර තිබුණද එය නොතකා ඇතැම් පිරිස් සුනඛයින්ද රැගෙන එන බවයි වාර්තා වෙන්නේ. 

ශරීර සුවතා මංතීරුවෙහි සවිකර ඇති සූර්ය බලයෙන් කි‍්‍රයාත්මක වන විදුලි පහන්ද නිසි ලෙස දැල් නොවන බවද ඔවුන් සඳහන් කළා. මේ ඇතුළු තවත් කරුණු ගණනාවක් නිසා සිය ශාරීර යෝග්‍යතාව නිසි අයුරින් පවත්වා ගැනීමට මොරටුව ලුනාව ශරීර සුවතා මංතීරුව වෙත පැමිණෙන පිරිස් දැඩි අසීරුතාවට පත්ව සිටිනවා.