Monday, May 20, 2024

General line - 0115112241

ගුවන් හමුදාව කෘතිම වැසි ඇති කිරීමේ දෙවන මෙහෙයුම කි‍්‍රයාත්මක කරයි (PHOTOS)

රංජිත් රාජපක්‍ෂ




කාසල්රී සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප‍්‍රදේශවලට කෘතීම වැසි ඇති කිරීමේ මෙහෙයුම් ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව අද දෙවන දිනටත් කි‍්‍රයාත්මක කළා. එම මෙහෙයුම නම් කර ඇත්තේ ‘රේන් ෆෝල් මිෂන් ’ ලෙසයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමක් මත තායිලන්ත විශේෂඥයින්ගේ උපදෙස් අනුව මෙම මෙහෙයුම කි‍්‍රයාත්මක කෙරෙනවා. එය දින 14 ක් පුරා කි‍්‍රයාත්මක කිරීමට නියමිත බවයි ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව පැවසුවේ.

මාඋස්සාකැලේ ජල පෝෂක ප‍්‍රදේශවලට ඉහළ අහසේ වළාකුළු මත රසායනික ද්‍රව්‍යයක් ඉසීම මේ යටතේ සිදුවනවා. ඊයේ (22) සිදුකළ පළමු මෙහෙයුමෙන් පසු එම ප‍්‍රදේශවලට විනාඩි 45 ක පමණ කාලයක් වැසි ඇද හැළුණා.