Monday, April 29, 2024

General line - 0115112241

අද තරගයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුගේ වෙනසක්

කසුන් කැළුම්




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර තුන්වන සහ අවසන් 20 යි 20 කි‍්‍රකට් තරගය ජොහැනස්බර්ග්හිදී අද (24) පැවැත්වෙනවා.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 06.00ට ආරම්භ වීමට නියමිතයි.

තරග 03කින් සමන්විත මෙම තරගාවලිය 2 ට 0ක් ලෙස දකුණු අපි‍්‍රකාව ජය ගෙන සිටිනවා.

අද තරගයේදී ආරම්භක පිතිකරු අවිශ්ක ප‍්‍රනාන්දු වෙනුවට සධීර සමරවික‍්‍රම ශ‍්‍රී  ලංකා කණ්ඩායමට කැඳවනු ඇති බවටයි වාර්තා වුණේ.