Saturday, May 18, 2024

General line - 0115112241

මුහුදේ පා කරමින් රටට ඇතුළු කරන්න ගිය පාර්සල් 35ක් හසුවෙයි (PHOTOS)




වයඹ නාවික විධානයට අයත් ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (26) උඩප්පුව මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 1232.5 ක ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව තිබෙනවා.

මෙම බීඩී කොළ තොගය පාර්සල් 35 ක බහා තිබී ඇති බවයි වාර්තා වුණේ.

නීති විරෝධී අන්දමින් මෙරටට රැගෙන ඒම සඳහා මුහුදේ පා කිරීමට කටයුතු කර ඇතැයි සැක ‍කරන අතර අදාල බීඩී කොළ තොගය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා සින්නපාඩු, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව මෙම වර්ෂයේදී පමණක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කරන ලද බීඩී කොළ කිලෝග්‍රෑම් 7000 කට අධික ප්‍රමාණයක් නාවික හමුදා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.