Friday, November 29, 2024

General line - 0115112241

ජනාධිපතිවරයෙකුට වහාම ඉවත් වන්නැයි හමුදාපතිවරයෙක් කියයි

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




වහාම සිය ධූරයෙන් ඉවත් වන්නැයි ඇල්ජීරියානු ජනාධිපති අබ්ඩෙලාසිස් බෝටෙෆ්ලිකාගෙන් එරට හමුදාපති ලූතිතන් ජනරාල් අහමඞ් සලා ඉල්ලීමක් කරනවා.

රාජ්‍ය රූපවාහිනිය හරහා විශේෂ ප‍්‍රකාශයක් නිකුත් කරමින් හමුදාපතිවරයා මෙම ඉල්ලීම කළේ ජනාධිපතිවරයාට එරෙහිව ජනතාව විසින් සති කිහිපයක සිට සිදු කරමින් සිටින ප‍්‍රබල විරෝධතා මාලාව හමුවේයි.

රට තුළ පවතින දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහා ව්‍යවස්ථාවට අනුව නව මාර්ගයක් සොයා ගත යුතු බවයි හමුදාපතිවරයා එහිදී කියා සිටියේ. 

කෙසේවෙතත් මීළග ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් නොවන බව ඇල්ජීරියානු ජනාධිපති අබ්ඩෙලාසිස් බෝටෙෆ්ලිකා මේ වනවිටත් ප‍්‍රකාශ කර තිබෙනවා.

එහෙත් ඔහුට එරෙහිව රට තුළ මහජන විරෝධතා ඇරඹුනේ 05වන වරටත් ජනාධිපතිධූරට සඳහා තරග වදින බවට ඔහු ඉකුත් දා ප‍්‍රකාශ කිරීමත් සමගයි. 1999 වසරේ සිට ඇල්ජීරියාවට නායකත්වය දෙන ජනාධිපති අබ්ඩෙලාසිස් මේ වනවිට 82වන වියේ පසුවනවා. ආඝාත තත්ත්වයෙන් පීඩා විඳින ඔහු මහජනයා හමුවේ පෙනී සිටින්නේ ද කලාතුරකින් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. එසේම අවස්ථා කිහිපයකදීම ඔහු ජනාධිපතිවරණය කල් දැමීමට ද කටයුතු කළා. 

තමන් යළිත් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවන බව ජනාධිපති අබ්ඩෙලාසිස් පැවසුව ද මෙතෙක් ඔහු විසින් ජනාධිපතිවරණයක් ප‍්‍රකාශයට පත් කර නැහැ.