Monday, April 29, 2024

General line - 0115112241

දිස්ත‍්‍රීක්ක කිහිපයක උණුසුම් කාළගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්




පවතින උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ දිස්ති‍්‍රක්ක කිහිපයකට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මන්නාරම, වව්නියාව, මුලතිව්, ගම්පහ, හම්බන්තොට සහ මොණරාගල යන දිස්ත‍්‍රීක්ක සඳහා මෙන්ම වයඹ පළාතට හෙට (30) දිනයේ උණුසුම් කාළගුනයක් අපේක්ෂා කළ හැකි බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. 

අධික උණුසුමක් පවතින අවස්ථාවළදී ගත යුතු කී‍්‍රයාමාර්ග සම්බන්ධයෙන්ද සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙහිදී දැනුවත් කළා. එම අවස්ථාවල වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසයි මෙහිදී ඉල්ලීමක් කෙරුනේ. වැඩි වශයෙන් ජලය පානය කරන ලෙසත් අධික උෂ්ණත්වයක් පවතින අවස්ථාවල සුදු හෝ ලා පැහැති සැහැල්ලූ ඇදුම් භාවිතා කරන ලෙසත් මෙහිදී ඉල්ලීමක් කෙරුණා.