Monday, April 29, 2024

General line - 0115112241

යොවුන් පුරයේ තෙවන දිනය අදයි (PHOTOS)




හම්බන්තොට වීරවිලදී පසුගියදා ආරම්භ කෙරුණු යොවුන්පුරයේ දෙවෙනි දවස අදයි. අදත් උදෑසන සිටම විවිධ ක්‍රියාකරකම් සහ නිර්මාණාත්මක වැඩමුළු පැවැත්වුන අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද ඊට එක්ව සිටියා.

මීට වසර 29 කට පෙර 'අතීත උරුමය තුළින් පුනරාගමනය කරා' යන්න තේමා කර ගනිමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් පරිදි යොවුන්පුරය පොළොන්නරුව පුලතිසිපුර‍වරයෙන් ආරම්භ කෙරුන අතර මෙවර එහි තේමාව වන්නේ 'අනාගතය ඇරඹුනා' යන්නයි.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ අදත් දිනය පුරා යොවුන්පුරය පැවැත්වෙන භුමියේ රැඳී සිටිමින් තරුණ තරුණියන් සමඟ සිය අත්දැකීම් බෙදා ගනිමින් සිටින අයුරු දක්නට ලැබුනා.