Monday, April 29, 2024

General line - 0115112241

ශ්‍රීමා දිසානායක අභාවප්‍රාප්ත වෙයි

දිනුක් හේවාවිතාරණ




දිවංගත හිටපු අමාත්‍ය ගාමිණි දිසානායක මහතාගේ බිරිඳ වන ශ්‍රීමා දිසානායක මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලකදී මිට සුළු මොහොතකට පෙර අභාවප්ප්‍රාප්ත වී තිබෙනවා. 

මිය යන විට එතුමිය 77 වන වියේ පසුවූවා. ශ්‍රීමා දිසානායක මහත්මිය අමාත්‍ය නවින් දිසානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායකගේ දයාබර මෑණියන්ද වනවා.

1994 වසරේ ජනාධිපතිවරණ රැළියකදී එල්ලවූ එල්ටිටිඊ ත්‍රස්තවාදීන් ගේ බෝම්බ ප්‍රහාරයකින් එවකට ජනාධිපතිවරණ අපේක්ෂක ගාමිණි දිසානායක මහතාගේ අභාවයෙන් පසු ශ්‍රීමා දිසානායක මහත්මිය එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවා.