Saturday, September 21, 2024

General line - 0115112241

පාද යාත්‍රාව අතර රතුපස්වල සැමරුමක්!




පිරිසිදු පානීය ජලය ඉල්ලා රතුපස්වල ජනතාව සිදුකළ උද්ඝෝෂණයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාමකාමී විරෝධතා කිහිපයක් අද සහ හෙට ‘රතුපස්වල’ ප්‍රදේශයේ දී පැවැත්වීමට නියමිතයි.

මේ වන විට රතුපස්වල සිදුවීමට වසර තුනක් ගතව තිබෙනවා.

එහෙත් ඊට වගකිවයුත්තන්ට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නොමැති බවට සිවිල් සංවිධාන රැසක් පසුගිය දා චෝදනා කරනු ලැබුවා.

රතුපස්වල වෙඩි තැබීමෙන් තිදෙනකු මිය ගියා.

රතුපස්වල ගැටුමට තෙවසරක් පිරීමේ සැමරුම පැවැත්වෙන අතරම ඒකාබද්ධ විපක්ෂ පා ගමන ද පැවැත්වෙන නිසා සාමය කඩ වී යෑමට ඉඩ ඇතැයි පොලිසිය ඊයේ(29) අධිකරණයට දැනුම් දුන් අතර ඒ අනුව කවර පාර්ශවයක් හෝ නිතිවිරෝධි ක්‍රියා කරන්නේ නම් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.