Monday, April 29, 2024

General line - 0115112241

මදුෂ් පැන්නාදැයි ගම්මන්පිලට සැකයක්




විදේශයන්හිදී අත්අඩංගුවට ගැණුනු කුප‍්‍රකට සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්කුඩු ජාවාරම්කරුවන් ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සැබෑ උවමනාවක් ආණ්ඩුවට තිබේදැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල සැක පළ කරනවා.

කොළඹ අද (01) පැවැත්වු මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන්ට සහ මත්කුඩු ජාවාරම්කරුවන්ට නීතියෙන් ගැලවී යාමටද අවස්ථාව ලබාදෙන අකාරයෙන් බවයි.

ආණ්ඩුව කෙසේ කටයුතු කරමින් සිටියද මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සදහා ජනාධිපතිවරයා දරන උත්සාහය අගය කරන බවද ඊට සහය දෙන බවද උදය ගම්මන්පිල මන්තී‍්‍රවරයා මෙහිදී කියා සිටියා.