සිය අස්වනු සඳහා ප‍්‍රමාණවත් මිලක් නොලැබෙන බව පවසමින් හම්බන්තොට වී ගොවීන් පිරිසක් අම්බලන්තොට නගරයේදී අද (01) උද්ඝෝෂණයක නිරත වුණා. අස්වනු මිලදී ගැනීමට රජය ප‍්‍රමාණවත්ව මැදිහත් නොවන බවයි ඔහුන් පැවසුවේ. ඒ හේතුවෙන් ඉතාම අඩු මිලකට අස්වනු පෞද්ගලික ව්‍යාපාරිකයන් වෙත අලෙවි කිරීමට ගොවීන්ට සිදුව ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
කිලෝග්‍රෑම් 1 කට රුපියල් 55 වත් වන පරිදි වී සඳහා සහතික මිලක් නියම කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටියේ. සමස්ථ ලංකා ගොවි ජන සම්මේලනය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුනා.