Friday, December 27, 2024

General line - 0115112241

ළමුන් මත් කරන්න ගෙනා බව කියන දුම්කුඩු නිදහස්!




ඖෂධයක් නමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති නිකොටින් අඩංගු දුම්කුඩු තොගයක් නීතිපතිවරයාගේ හෝ උපදෙස් ලබා නොගෙන රේගුව විසින් නිදහස් කිරීමට අවසර දී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් සඳහන් කළේ අදාළ දුම්කුඩු තොගය ශ්‍රී ලංකාවට ගෙන්වා ඇත්තේ පාසල් ළමයින් ඉලක්ක කරගනිමින් බවයි.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවෙන් කළ විමසීමක දී එහි ප්‍රකාශක ධර්මසේන කහඳව පැවසුවේ අදාළ දුම්කුඩු තොගය තවමත් නිදහස් කර නොමැති බවයි.

කෙසේ වෙතත් ආනයනය සිදුකර ඇත්තේ නීත්‍යානුකූලව බවද එලෙස නීත්‍යානුකූලව ආනයනය කළ කිසියම් තොගයක් නිදහස් නොකර සිටීමට ශ්‍රී ලංකා රේගුවට නොහැකි බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මේ අනුව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ රෙගුලාසිවලට යටත්ව එම දුම්කුඩු තොගය නිදහස් කරන්නැයි විමර්ශනයකින් පසු අවසර ලබා දී තිඛෙන බවයි ධර්මසේන කහඳව වැඩිදුරටත් කියා සිටියේ.