Wednesday, May 1, 2024

General line - 0115112241

ඩුබායි සිට පිටුවහල් කර අද අලුයම කටුනායකට ආපු දෙන්නා මෙන්න (PHOTOS)




මාකඳුරේ මදූෂ් සමග සාදයකදී ඩුබායිහීදි අත්අඩංගුවට ගෙන විමර්ශන ක්‍රියාත්මක වීමෙන් පසු පිටුවහල් කරන ලද තවත් දෙදෙනෙකු අද (08) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

ඔවුන් දෙදෙනාගේ ඡායාරූප පහතින් දැක්වෙයි. 

 

---------------------

මදූෂ්ගේ සාදයේ සිටි තවත් දෙදෙනෙක් පිටුවහල් කරයි

(08-04-2019 05:55)

 

මාකඳුරේ මදූෂ් සමග සාදයකදී ඩුබායිහීදි අත්අඩංගුවට ගෙන විමර්ශන ක්‍රියාත්මක වීමෙන් පසු පිටුවහල් කරන ලද තවත් දෙදෙනෙකු අද (08) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

UL - 266 දරණ ගුවන් යානයෙන් මෙම දෙදෙනා පැමිණ ඇති අතර එහිදී කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය භාර නිලධාරීන් ඔවුන් දෙදෙනාව සිය භාරයට ගෙන තිබෙනවා

ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ. 

මෙලෙස ඩුබායිවලින් පිටුවහල් කර කටුනායකට පැමිණ ඇත්තේ වයස අවුරුදු 37ක් වූ මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසාර් නම් අංක 16/7, මාලිගාවත්ත පෙදෙස කොළඹ 10 පදිංචිකරුවෙක් සහ වයස අවුරුදු 30ක් වූ මොහොමඩ් මුෆාර් මොහොමඩ් ජබීර් නම් අංක 111/4, 1/3, ජුම්මා මස්ජිත් පාර කොළඹ 10 යන ලිපිනයේ පදිංචිකරුවෙක්.