Wednesday, May 1, 2024

General line - 0115112241

"භාෂාව අනුව පාසල් වර්ගීකරණය කිරීම අවසන් විය යුතුයි"




කතාකරන භාෂාව අනුව රටේ ජනතාව අතර ඇතිවී තිබෙන බෙදීමට පක්ෂ භේදයකින් තොරව රටේ සියලු දේශපාලනඥයින් වගකිව යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා කියා සිටියේ කතා කරන භාෂාව අනුව මිනිසුන් බෙදී වෙන් නොවිය යුතු බවයි.

ඒ, සරල සිංහල භාෂාවට පරිවර්තනය කෙරුණු ශුද්ධ වූ අල්කුරානය එළි දැක්වීම වෙනුවෙන් කොළඹ ඊයේ (07) පස්වරුවේ පැවැති උත්සවයක් අමතමින්. 

ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ කතා කරන භාෂාව අනුව සමාජය තුළ සිදුව ඇති බෙදීම රටේ ජාතික සමගිය සහ සංහිඳියාව ගොඩනැගීමේ වැඩපිළිවෙලේදී මහත් බාධාවක් වී ඇති බවයි. භාෂාව අනුව පාසල් වර්ගීකරණය කිරීම ද අවසන් විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළා. පොළොන්නරුවේදී කළ ත්‍රෛ භාෂා ජාතික පාසල් ව්‍යාපෘතිය සෙසු ප්‍රදේශ සඳහාද ව්‍යෘප්ත කළ යුතු බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.