Saturday, May 4, 2024

General line - 0115112241

සතුට සැමරූ පොලිස් කොස්තාපල් මරුට

ගුණරත්න ගමගේ




සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් අඟුණුකොළපැලැස්ස පොලිසිය විසින් අද (12) සංවිධානය කර තිබූ අවුරුදු උළලකදී පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම්. සංජීව නැමැති 40 හැවිරිදි දරුවන් තුන්දෙනෙකුගේ පියෙක් වන ඔහු අවුරුදු උත්සවයේ පැවැති සංගීත පුටු තරඟයෙන් ජයග්‍රහණය කිරීමෙන් ඇති වූ සතුට හේතුවෙන් හදිසි අසනීප තත්ත්වයකට පත්ව මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ. 

සිද්ධිය වූ වහාම ඔහුව රෝහල් ගත කරන්නට පියවර ගෙන තිබුණත් ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවයි රෝහල් ආරංචි මාර්ගද සඳහන් කරන්නේ.